පැරණි පරිගනකයක්
සර්වරයක් බවට හරවා ගන්නා හැටි.............
(Old PC As A Server)
ඔයාලා හැමෝම අලුත් තාක්ෂණයත් එක්ක ඉදිරියට යන අයනෙ. ඉතින් ඔයාල අලුත් Computer එකක් ගත්තම පරණ Computer එකට මොකක්ද කරන්නෙ කියල ඔයාලට අදහසක් තියෙයිද? ඔයාලගෙ පරණ Computer එක Server එකක් කරල ඔයාලගෙ අලුත් Computer එකෙන් වැඩ කරන හැටි මම අද කියල දෙන්නම්........*********************************************************************************************************************
වර්තමානයේදී වේගය 1Ghz වලට වඩා අඩු පරිගනක භාවිතයෙන් ඉවත් වෙමින් පවතී. එහෙත් අළුත්
පන්නයේ පරිගනකවල මොනිටර හරහාම එම පැරණි පරිගනකයෙන්ද වැඩ ගන්නට එය “ නවීකරණය ” කරන්නට පුළුවන. ඒ පැරණි
පරිගනකය සර්වර් පරිගනකයක් බවට පත් කොට, එය අළුත් පරිගනකයෙන් හැසිරවීම තුලිනි. එවිට
පැරණි පරිගනකයේ ඇති HDD ධාරිතාවයෙන්, RAM මතකයෙන් තවදුරටත් වැඩ
ගත හැකිය.
මේ සදහා අළුත් පරිගනකයට මෙන්ම පැරණි පරිගනකයටද
Network Card එක බැගින් සවි
කල යුතුය. සාමාන්‍යයෙන් අළුත් Mother Board එකක් තුල නම් Network Card එකක් අඩංගු කර ඇති
බැවින් වෙනමම Network Card එකක් සවි
කිරීම අනවශ්‍යය. මෙය RJ45 Port ,
Network Port , NIC Port
(Network Interface Card) යන නම් වලින්
හදුන්වයි. පැරණි Mother Board තුල Network Port එකක් නොමැති නිසා එය
වෙනමම සවි කල යුතුය.
දැන් පරිගනක දෙක සම්බන්ධ කිරීම සදහා Cat 5 හෝ Cat 5E ඛාණ්ඩයට අයත් UTP Cable (Network Cable) එකක් මිලදී
ගන්න. එම UTP Cable එකෙහි දෙපසට RJ45 Connector දෙකක් ද සවි
කර ගත යුතුය. RJ45 Connector සවි කිරීමට විශේෂිත
උපකරණ අවශ්‍යය වන නිසා මිලදී ගන්නා විටම එය සවිකරවා ගන්න.
පැරණි පරිගනකය හා අළුත් පරිගනකය Network Cable එක මගින් සම්බන්ධ
කිරීමෙන් පසු පරිගනක දෙකෙහිම නම් සකස් කරගත යුතුය. ඒ සදහා
Windows XP වලදී,
My Computer (Right Click) කර Properties යන්න තෝරන්න.
විවෘත වෙන System Properties හි Computer Name නම් Tab එක තෝරන්න. දැන් එහි
ඇති Change නම් Button එක Click කල විට විවෘත වෙන Computer Name Change හි Computer Name නම් ස්ථානයේ පරිගනකයට
නමක් ලබා දෙන්න. එසේම Workgroup නම් ස්ථානයේ
පරිගනක දෙකටම පොදු නමක් ලබා දෙන්න.
Windows
7 , 8 වලදී,
පරිගනක හදුනාගැනීම සදහා ඒවාට නම් ලබා දීම
පමණක් m%මාණවත් නොවේ. මේ සදහා IP Address ලෙස හදුන්වන විශේෂිත ලිපිනද සකස් කල යුතුය.
ඒ සදහා,
Windows XP සදහා,
My Network Places (Right Click) කර Properties
යන්න තෝරන්න.
විවෘත වෙන්නේ Network Connections හි Local Area Connections නම් Icon එක මත Right Click කර ලැබෙන Menu
එක තුලින් Properties
යන්න තෝරන්න.
එවිට විවෘත වෙන්නේ Local Area Connections Properties Dialogbox
එකෙහි General Tab එක Select කරන්න. දැන් එහි ඇති This connection uses the following items: තුලින් Internet Protocol (TCP/IP) යන්න තෝරා Properties Click කරන්න.
එවිට විවෘත වෙන්නේ Internet Protocol (TCP/IP) Properties
Dialogbox එකයි. IP Address සැකසීම සදහා මෙහි ඇති
Use the following IP Address: යන්න Select කර IP Address නම් ස්ථානයේ අළුත්
පරිගනකය සදහා 192.168.0.1 ලෙසද පැරණි
පරිගනකය සදහා
192.168.0.2 ලෙසද සකස් කරන්න. Subnet Mask අගය පරිගනකය දෙක
සදහාම 255.255.255.0 ලෙසද සකස් කරන්න.
Windows 7,8 සදහා,( IP Address
හා Subnet Mask අගය ඉහත අගයම භාවිතා කරන්න. )
පැරණි පරිගනකය සර්වර් පරිගනකයක් කිරීම සදහා TightVNC නම් මෘදුකාංගය භාවිතා
කල හැකිය. එම මෘදුකාංගය පහත බැනරය Click කිරීමෙන්
නොමිලයේම ලබා ගන්න.
දැන් මෙම මෘදුකාංගය පරිගනකය දෙකටම Install කරන්න.
Install කිරීමෙන්
අනතුරුව TightVNC Server: Default System
Properties Dialogbox එක විවෘත වේ. නැතිනම්,
Start--------------->Programs----------------->TightVNC--------------->TightVNC Server
යන්නෙන් ලබා ගත හැක. දැන් මෙහි Server නම් Tab එක තුල ඇති Primary password තුල හා View – only password තුල කැමති password එකක් සදහන් කර ok කරන්න.
පැරණි
පරිගනකයට සම්බන්ධ කර තිබු Key Board, Mouse , Monitor ගලවා ඉවත් කර පැරණි පරිගනකය පණ ගන්වන්න. අළුත් පරිගනකයේ
Start--------------->Programs----------------->TightVNC--------------->TightVNC Viewer
යන්න
තෝරන්න.
එවිට විවෘත වෙන්නේ New TightVNC Connection Dialogbox
එකයි. එහි VNC
Server ඉදිරියේ
අප පැරණි පරිගනකයට ලබා දුන් IP Address එක වන 192.168.0.2 හා password පැරණි පරිගනකයට ලබා දුන් password
එක සදහන් කර ok කරන්න.
දැන්
පැරණි පරිගනකයේ Desktop එක අළුත් පරිගනකය තුලින් ද දැක ගත හැක. මේ හරහා පැරණි පරිගනකයේ
ඕනෑම සැකසුමක් කර ගත හැක.
No comments:
Post a Comment